යහ ගුණ මණි මුතු සුසදා
ඔවදන් හර ගෙල පළදා
විදු සත දන දී නොමදා
සිසු සිත් යහ මග හරවා
පලුගස්වැව අප පෙම්බර විදුහල් මාතා
දස දෙස ඔබෙ නම පතුරා
කළ ගුණ දම් නිති මතුදා
කිතුගොස මල් මත අතුරා
තුටුවෙමු අව ගුණ දුරැරා
පලුගස්වැව අප පෙම්බර විදුහල් මාතා
ඔබේ තුරුලේ නිති වැඩෙමු
ඔබෙ ගුණ ගීතය ගයමු
දෙස බස රැස නැණ වඩමු
ඔබෙ නාමෙට හිස නමමු
පලුගස්වැව අප පෙම්බර විදුහල් මාතා...///