විදුහල්පති පණිවිඩය
අ/පලුගස්වැව මහා විදයාලය(ජාතික පාසල)

කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් පලුගස්වැව අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටා ඇති අනු/කැකි/පලු/පලුගස්වැව ද්විතියික පාසැල වසර 100 කට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන පාසලකි.ප්‍රදේශයේ දූ දරුවන්ට අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් ලෙස මෙය නම් කළහොත් එය නිවැරදි යයි සිතමි.එය මක් නිසාද යත් වත්මනෙහි ක්‍රියාත්මක වන නිපුණතා පාදක අධ්‍යාපනයේ එක් සුවිශේෂී පැතිකඩක් වන 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක වන ප්‍රදේශයේ එකම පාසැල මෙය වීමත් වෘත්තීය නිපුණතාවයන් හරහා රටේ සංවර්ධනයට දරුවන් දායාද කිරීමේ කාලීන අවශ්‍යතාව සපුරාලීමට පලුගස්වැව ද්විතීයික පාසලට අවස්ථාව ලැබීම මහත් භාග්‍යක් කොට සලකමි. පොලිතීන් වලින් තොර කලාපයක් ලෙස පාසල් පිරියත පවත්වා ගනිමින් පාරිසරික හිතකාමී ජාතික හා ජ්‍යත්‍යන්තරයට අනාගතයේ අවශ්‍ය විද්වතුන් බිහි කිරීම අපගේ දැක්ම වන අතර ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ දායකත්වය අපේක්ෂා කරමි.
විදුහල්පති,
අ/පලුගස්වැව මහා විදයාලය(ජාතික පාසල)